Sri Lanka X News

Switch to desktop Register Login

නිධන් හෑරීම රාජ්‍ය ව්‍යාපාරයක්ද?

Rate this item
(4 votes)

Medananda namal1උණු බත් දුන්නත් , ඇල් බත් දුන්නත් , ෆ‍්‍රයිඞ් රයිස් දුන්නත් බල්ලන්ට වටින්නේ විසිකරන කටු.විද්‍යාත්මකව පර්යේෂණ කරලා බල්ලන්ගේ රුචි අරුචිකම් ඔප්පු කරලා නැතිවුනාට  බල්ලා බල්ලාගේ චාර්යාවෙන්  ඒක සනාත කරලා තියනවා. රජගෙදර හිටියත් , මුඩුක්කුවේ හැදුනත් දඩාවතේ ගියත් බල්ලෝ කට්ටක් දැක්කාම සෙවල පෙරනවා. කටු කන බල්ලා සැර වැඩියි කියලාත් කථාවක් තියෙනවා. කටු කන බල්ලෝ තමන්ගේ ස්වාමියා වෙනුවෙන්  ඕනෑම බලූවැඩක් කරන්නේ පැකිලීමකින් තොරවයි. ඉතින් ඒ බල්ලාගේ හැටිය.


මිනිස්සු අතරත් බල්ලන්ගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. බලූකම් පහල වෙන්ඩ ගත්තාම මිනිහාගේ තරා තිරම වැදගත් වෙන්නේ නැහැ. ගිහියද පැවිද්ද ද? නෝනාද මහත්තයද සිටුවරයාද මැතිවරයාද රජුද ජනාධිපතිද මේ එකක්වත් බලූගති ලක්ෂණ ලැබුනයින් පස්සේ වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මේ බල්ලොත් ඉවත දමන දංකුඩ, කටුකණ්න කැමතියි.

ස්වාමියා වෙනුවෙන් බොරුවට උඩුබුරන්නත් , අනුන්ව හපාකන්නත් , බියවද්දන්නත් මුන් හපන්නු. කකුල් හතරේ බල්ලන්ට වැඩිය කකුල් දෙකේ බල්ලෝ බුද්ධියෙන් දියුණුයි.උන් අනිත් උන්ව අන්දනවා. විශේෂයෙන්ම මේ හැම බල්ලෙක් අතරින්ම දේශපාලන බල්ලෝ ගැතිකමින් ඉදිරියෙන් ඉන්නේ . අවසානයේ මේ හැම බල්ලෙක්ම ස්වාමියා ඉදිරියේ හැම බලූවැඩක්ම කරන්නේ තමන්ගේ පැවැත්ම රැකගන්ඩයි.

නිධන් හෑරීම ජාවාරමක්ද? ව්‍යාපාරයක්ද? රාජ්‍යය ආදායමට එකතුවියයුත්තක්ද?

නිධන් හෑරීම ගැන රස මුසු කථා නිතර නිතර දැන් ඇහෙනවා.අවුරුදු සිය දහස් ගණනක් නිර්පද්‍රිතව තිබුන පුරා වස්තු මොහොතින් අතුරුදහන් වෙනවා.අතීතයේදී යාග තොවිල් පවිල් කරලා නරබිලි කුකුල් බිලි දීලා ගොඩ ගන්න  නිධන් දැන් ඉන්න හොරු බහිරවයන්ටත් කොළේ වහලා බැකෝඑකෙන් හාරලා ගොඩගන්ඩ යනවා.

යුද්දේ ඉවර වුනාට පස්සේ එළවළු විකුණපු තණකොළ කපාපු කාණු සුද්දකරපු රණ විරුවෝ දැන්  ටී56 ආරක්ෂාවට තියාගෙන මහරජාට නිධන් හාරනවා.

කට කථාවට හිතේ සැකේට රටේ මිනිස්සු කිව්වේ නිදන් හොරු රාජ්‍ය අනුග‍්‍රහය ලබන එවුන් කියලයි.මැයි මාසේ 01දා විලච්මියේදී පොලිස් විශේෂ කාර්්‍යයබලකායට අයත් පිරිසක් නිධන් හෑරීමේදී ගම්මුන් කොටුකරගත්තේ ආණ්ඩුවේ නිධන් හෑරීමේ කථාව බොරුවක් නෙමෙයි ඇත්තක් බව සනාත කරමින්.

අපේ රටේ පුරාවිද්‍යා වටිනාකමින් වැදගත් තැන් ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් තියෙන බව සනාත කරගෙන තියෙනවා. එහෙම සොයාගෙන නැති තව බොහෝ තැන් කැළෑවලට යට වෙලා තියෙන්න පුළුවන්. මේ හැම තැනකම නිධන් තැම්පත් කරලා තියෙනවා කියලා කියන්න බැහැ.ඒත් රජමේනියාව හැදිච්ච එවුන් රට පාලනය කරද්දී උන්ට මිනිකන්දත් රත්තරන් කන්දක් වෙනවා. රජවරු රජකම රැකගත්තේ මිනීකඳු මතින් මිසක් මනුස්සකම් වපුරමින් නෙමෙයි. ඉතිහාසයටත් වර්තමානයටත් ඒක එකසේ අදාලයි.

1992 ඉදලා අද දක්වා නිධන් හෑරීම් 900ක් විතර වාර්තාවෙලා තියෙනවා. ලංකාවට ආශ්චාර්යය  එන්ඩ පටන් ගන්නේ 2005 න් පස්සේ.එතන ඉඳලා මේ දක්වා නිධන් හෑරීම්වලින් වැඩි ප‍්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ මේ කෙටි කාලය තුලයි.

චිරත් කාලයක් බලයේ රැදී ඉන්න දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව සොයන කථාව සමාජ ගතවුනේ දැන් ටික කාලෙක සිටයි.කටුගෙට හොරු පැනලා කඩු හොරකම් කෙරුවේ මහා රාත‍්‍රියේ වුනාට හොරුන්ට ඇතුල්වෙන්න මග නිර්මාණය කරලා තිබුනේ සැළසුම් සහගතව බව දැන් කවුරුත් දන්නවා.කාගේ හෝ අනුදැනුමක් මත සැලසුම් සහගතව මේ හොරකම් සිද්ද වුනාට දැන් දැන් මේවාට නිත්‍යාණුකූලභාවයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් තියෙන බව පැහැදිලියි.

නරියට කුකුල්ලූ බාරදීමට යෝජනාවක්

එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ යනු ජාතික හෙළ උරුමයෙන් ධර්මරාජ්‍යයක් බිහි කරන්න පාර්ලිමේන්තුවට ගිය, දේශපේ‍්‍රමයට මුවාවී   මැර රාජ්‍යයක් වෙනුවෙන් ආණ්ඩුවට කඬේයන ස්වාමින්වහන්සේ කෙනෙකු බව කව්රුත් දනී. ඔහු පුරාවිද්‍යාවට ඇති චක‍්‍රවර්තිලා අතොලොස්ස අතර ඉන්න කෙනෙකුද වෙයි. මෑතක සිට නිධන් හොරුන් දිවා රාත‍්‍රියේ නිධන් හාරන නිසා මේ චක‍්‍රවර්ති හාමුදුරුවන්ට ඒවා රැුකගැනීමටත් නිධන්වලින් වැඩගැනීමටත් අවශ්‍යවී ඇතිබව පෙනෙන්නට තියෙනවා. උන්වහන්සේව යෝජනාකරන්නේ නිධන් හෑරීම ආණ්ඩුවෙන් කරන්න  ඕනා කියලයි.

ඉදිරි පාර්ලිමේන්තු දවසකදී මේ චක‍්‍රවර්තිලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් නිධන් හෑරීම රජය සතු වගකීමකි, එය නිත්‍යාණුකූල කිරීම ආණ්ඩුපක්ෂ විපක්ෂ කාගෙත් ජාතික යුතුකමක් කියන්නට පුළුවනි.

Penlogo සපුමල් බන්ඩාර

Medananda namal2